Skip to main content

Posts

Showing posts from December, 2019

ඉතිහාසයේ .... පළමු ලෝක යුද්ධය (world war 1)

විසිවන සියවසේ දී සමස්ථ ලොවටම බලපෑ මහා සංග්‍රාම දෙකක් ඇති විය.ප්‍රථමයෙන් යුරෝපයේ ආරම්භ වී පසුව සමස්ථ ලොව පුරා පැතිරිගිය මේ  සංග්‍රාම නම්   පළමුවන ලොක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයි. පළමුවන  ලෝක  යුද්ධය සමකාලීනව පැන නැ ගී ආ අර්බුද,දේශපාලනික ගැටළු හමුවේ එකල සිටින්නන් පළමුවන ලෝක යුද්ධය හැදීන්වුයේ  " සියලු යුද්ධ අවසන් කිරීමේ යුද්ධය " ලෙසයි. 1914 ජුලි 28 ආරම්භ වී පුරා වසර 4 ක් ,මාස 3 ක් සහ සති 2 ක් පැවති සංග්‍රාමය 1918 නොවැම්බර් 11 දින අවසන් වන විට යුද්ධයේ කටුක බව මිලියන 40 අධික පිරිසක් විදි අතර  මිලියන 20 කට අධික පිරිසක් මින් මියගොස් ඇත . පළමු ලෝක සංග්‍රාමය පැතිරීගිය අයුරු                                 ( මුලාශ්‍රය  http://www.nationalarchives.gov.uk/pathways/firstworldwar/maps/europe1914.htm )            මිත්‍ර බලවතුන්                                                                                                   බ්‍රිතාන්‍ය ප්‍රංශය රුසියාව  ඉතාලිය     රුමේනියාව  ග්‍රීසිය   මධ්‍ය  බලවතුන්  ජර්මනිය  ඔස්ට්රෝ හංගේරියාව බල්ගේරියව තුර්කිය

ඉතිහාසය යනු

ඉතිහාසයේ .... හිස්ට්රි යන්න ග්‍රීක බසකින් බිදී ආ  වචනයකි .විවිධ කාලවකවානු මිනිසාගේ ආගමික,ආර්ථික ,සමාජීය ,දේශපාලනික  හා සංස්කෘතික තොරතුරු විස්තර  කිරීම මේ විෂය මගින් සිදු කෙරේ . ඉතිහාසය සදහා ලබා දී ඇති නිර්වචන  "ඉතිහාසය යනු මිනිසාගේ අතීතය පිළිබද අධ්‍යනය යි ."                                                                                        -ක්‍රිස් හර්ට්ස්  " ඉතිහාසය යනු ජාතින්ගේ නැගීම හා වැටිම මෙන් ම මානව වර්ගයාගේ දේශපාලන තත්වය කෙරෙහි බලපෑ අනෙකුත් ශ්‍රේෂඨ  පරිවර්තන ද ඇතුලත් වු මානව වර්ගයා අතර සිදුවු  සිදුවිම් වල කතාන්දරයයි  ".                                                                                         - ජොන් ජේ "ඉතිහාසය යනු මිනිසා පිලිබද අධ්‍යනයකි ."                                                                                          - ආර්.පී කොලින්වුඩ්   "වර්තමානය ඉගෙනීමට ඇති යතුරක් "                                                                             -ඊ.එච්. කාර්  " ඉත