Skip to main content

ඉතිහාසයේ .... පළමු ලෝක යුද්ධය (world war 1)



විසිවන සියවසේ දී සමස්ථ ලොවටම බලපෑ මහා සංග්‍රාම දෙකක් ඇති විය.ප්‍රථමයෙන් යුරෝපයේ ආරම්භ වී පසුව සමස්ථ ලොව පුරා පැතිරිගිය මේ  සංග්‍රාම නම්  පළමුවන ලොක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයි.

පළමුවන  ලෝක  යුද්ධය

සමකාලීනව පැන නැ ගී ආ අර්බුද,දේශපාලනික ගැටළු හමුවේ එකල සිටින්නන් පළමුවන ලෝක යුද්ධය හැදීන්වුයේ  "සියලු යුද්ධ අවසන් කිරීමේ යුද්ධය " ලෙසයි.
1914 ජුලි 28 ආරම්භ වී පුරා වසර 4 ක් ,මාස 3 ක් සහ සති 2 ක් පැවති සංග්‍රාමය 1918 නොවැම්බර් 11 දින අවසන් වන විට යුද්ධයේ කටුක බව මිලියන 40 අධික පිරිසක් විදි අතර  මිලියන 20 කට අධික පිරිසක් මින් මියගොස් ඇත .

පළමු ලෝක සංග්‍රාමය පැතිරීගිය අයුරු

                              (මුලාශ්‍රය http://www.nationalarchives.gov.uk/pathways/firstworldwar/maps/europe1914.htm)     



   මිත්‍ර බලවතුන්                                                                                                
  • බ්‍රිතාන්‍ය
  • ප්‍රංශය
  • රුසියාව 
  • ඉතාලිය  
  • රුමේනියාව 
  • ග්‍රීසිය 
 මධ්‍ය  බලවතුන් 
  • ජර්මනිය 
  • ඔස්ට්රෝ හංගේරියාව
  • බල්ගේරියව
  • තුර්කිය    


යුද්ධය ඇතිවීමට බලපෑ  පසුබිම

ආර්ථික ක්ෂේත්‍රයේ  මෙන්ම යුධ ක්ෂේත්‍රයේ ද (විශේෂයෙන්ම නාවික බලය) එකල  බ්‍රිතාන්‍ය යුරෝපයේ  බලවත්ව සිටි අතර මෙකල ජර්මනිය මධ්‍යම යුරෝපයේ බලවත් වෙමින් සිටි අතර බ්‍රිතාන්‍ය ජර්මනිය අතර මිත්‍රකම් කෙමෙන් කෙමෙන් වියැකි  යමින් පවතී කාලයක් විය .එකල යටත් විජිත සදහා ප්‍රබල ලෙස තරගයක් තිබුණු අතර ප්‍රංශය බ්‍රිතාන්‍ය අභිබවා අප්‍රිකාවේ උතුරු,නැගෙනහිර හා බටහිර යානා ප්‍රදේශ වලත් අග්නිදිග ආසියාව තුලත් තම බලය පිහිටුවා ගෙන තිබිණ.යටත් විජිත සදහා ඇති වූ උණූසුම් තරගය ඉතාමත් ශීතල අයුරින් යුරෝපය වෙලගන්නා ලදී .යුරෝපය පුරා  සංග්‍රාම අන්ධකාරය පැතිරමින්  යන අතරේ ඇමරිකාව කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගෙන් ද යුද කටයුතු පිලිබදව ද බලවත් වෙමින් පැවතුණි.  


පලවෙනි  ලෝක  යුද්ධයට බලපෑ  හේතු  

ජර්මනිය එක්සේසත් කිරීමේ ව්‍යාපාරයේ දී ජර්මනිය හා ප්‍රංශය සතුරන් බවට පත් වීම

19 වන සියවස ආරම්භයේ දී ජර්මන් බස කතා කල හැකි කුඩා රාජ්‍යන් රාශියකින්  සමන්විත විය . මේ කුඩා රාජ්‍යන් එක් කොට ජර්මන රාජ්‍ය ඇති කිරීමට  ඔටෝ වොන් බිස්මාක් නම් පාලකයාට  1870 දී  හැකි විය .ප්‍රංශයට අයත්ව තිබු ගල් අගුරු හා යපස් වලින් සාර වූ ඇල්සාස් හා ලොරේන් යන ප්‍රදේශ මෙකල ජර්මනිය විසින් අල්ලා ගන්න ලදී .                                                                                                                                                                                                                                                                                                                                                                                       නව අධිරාජ්‍යවාදය

කාර්මීක විප්ලවයේ  ප්‍රතිපලයක් ලෙස යුරෝපා රටවල ආර්ථික සංවර්ධනයක්  ඇතිවූ අතර ජර්මනිය,ඉතාලිය යන රටවල් යුරෝපයේ නව බලවතුන් ලෙස නැගී සිටිණි.නිෂ්පාදන කටයුතු සදහා අමුද්‍රව්‍ය ලබාගැනීමටත් ,නිෂ්පාදනයන්  අලවි කරගැනීම සදහා නව වෙළදපොළවල් ලබාගැනීම නව අධිරාජ්‍යවාදයේ අරමුණු විය.

යටත් විජිත සදහා ඇති වූ තරගය        

19 සියවසේ මැදභාගයේ දී යුරෝපා රටවල් අතර ආසියාව,අප්‍රිකාව මහද්වීප සදහා තරගයක් ඇතිවිය .මෙහි වැඩියෙන්ම යටත්විජිතයන්ට හිමිකම් කිවේ බ්‍රිතාන්‍ය යි . කාර්මික දියුණුවක් ඇත කරගත් ජර්මනියට තම නිෂ්පාදනයන් අලවි කරගැනීම සදහා වෙළදපොලක අවශ්‍යතාව මතු වූ අතර  ඔවුන් ආසියා සහ අප්‍රිකා  ප්‍රදේශ වෙත පැමිණීම ප්‍රංශය,පෘතුගාලය  ආදී අනෙක් යුරෝපා රටවලට බිය දුන් සිදුවීමක් විය .බ්‍රිතාන්‍ය මෙය තමාට ඇතිවන තර්ජනයක් ලෙස සැලකිය.යටත් විජිත සදහා ඇති වූ තරගය දෙපාර්ශවයේම යුද අදහස් පෝෂණය කිරීමට සමත් විය .

අවි තරගය 

19 වන සියවසේ අගභාගේ සිට යුරෝපයේ සියලුම රටවල අවි මහා පරිමානයෙන් නිර්මාණය විය .කාර්මීකරණයත් තාක්ෂණයේ දියුණුවත් නිසා මෙකල සියලු රටක්ම අනෙකා බියගන්වනසුළු නවීන ඇති මාරාන්තික අවි නිපදිව්මට පෙලබිය. 

"අවි ආයුධ බලයෙන් වසර පහකදී  ලබාගත් දේ  ආරක්ෂා කර ගැනීමට තවත් වසර 50 ක් සන්නද්ධව සිටිය යුතුය "
-ජර්මන් සෙන්පතියෙකු වූ වොන් වොල්ක්-

පලමු ලෝක යුද්ධයට බලපෑ ආසන්නතම හේතුව (සරයේවෝ සිද්ධිය )

  • ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරුන් මරා දැමීම  
    • ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරා වූ ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් හා ඔහුගේ බිරිද වූ සොෆි  බොස්නියාවේ අගනුවර වූ සරාජිවෝ නුවර මෝටර් රථයෙන්  සංචාරය කරමින් සිටියදී බ්ලැක් හැන්ඩ් සංගමයේ(සර්බියාවේ රහස් සංවිධානයක් ) සාමාජිකයෙකු වූ ගවුරිලෝ ප්රින්සිප් විසින් වෙඩි තබා  මරා දමන ලදී . (දිනය1914 ජුනි 28)
                                                      ගවුරිලෝ ප්රින්සිප් 
                                               By Unknown photographer       

ප්‍රාන්ස් ෆර්ඩිනන්ඩ්
                                   picture link
පළමු ලෝක සංග්‍රාම ව්‍යාප්තිය      
    සරයාවෝ සිද්ධියත් පසු  ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කල අතර ඔස්ට්‍රියාවේ මිත්‍ර රටක් වූ ජර්මනියද මේ ක්‍රියාවට සහය දක්විය . .සර්බියාවේ මිත්‍ර රට වූ රුසියාවෙන් සර්බියාව ආධාර පතු අතර ඔවුන්  ආධාර දීමට ඉදිරිපත්වීම නිසා ජර්මනිය රුසියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කළහ(  1914 අගෝස්තු 01දින ).මේ වනවිට රුසියාව හා ප්‍රංශය අතර මිත්‍රත්වයක් තිබුන අතර ජර්මනිය රුසියාවට පහරදෙන විට ප්‍රංශය ජර්මනියට පහර දේ යැයි සැක හිතු ජර්මනිය  ප්‍රංශයට විරුද්ධව ද යුධ ප්‍රකාශ කල අතර ප්‍රංශය යුද්ධයට අවතීර්ණ වීමට පෙර ජර්මනිය බෙල්ජියමට පහර දී  බෙල්ජියම තුල  තම අණ පැතිරිය.ඉන්පසු ප්‍රංශයට පහර දුන් අතර   ජර්මනියේ ක්‍රියා කලාපය තමාට තර්ජනයක් වේ යයි සිතු බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කර ප්‍රංශයට සහය දැක්විය .එකල බ්‍රිතාන්‍ය සතුව යටත් විජිතයන් ලොව පුරා තිබූන නිසා  බ්‍රිතාන්‍ය ලෝක සංග්‍රාමයට පිවිසීමත් සමග යටත් විජිත කරා ද ලෝක යුද්ධය පැතිරී ගියහ.   
ඇමරිකාව යුද්ධයට අවතීර්ණ වීම ..
බලවත් රාජ්‍යක් ලෙස පවතී ඇමරිකාව යුද්ධයේ මුල් භාගයේ මධ්‍යස්තව කටයුතු කලහ. නමුත් 1915 මැයි 07 දී ඇමරිකානුවන් 2000 ක් පමණ   රැගෙන ගිය RMS Lusitania නම් යාත්‍රාව ජර්මන් සබ්මැරීනයක් මගින් දියත් කල ප්‍රහාරයකින් ඇමරිකානුවන් 1158 ට ආසන්න පිරිසක් මරුමුවට පත්කළ අතර මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගැනීමට  761 පමණ පිරිසක් සමත් විය .මේ  ප්‍රහාරයත් සමග ඇමරිකාව මිත්‍ර පිලට එක්ව ජර්මනියට එරහිව යුධ කළහ .ඇමරිකාව සතුව තිබු මිලියන දෙකක පමණ පාබල හමුදාවක් ද ඇති නවීන අවි ආයුධ හා විශාල වශයෙන් පවතී ආහාර තොග ද මිත්‍ර පිලේ ජයග්‍රහණයට ප්‍රබල ලෙස බලපෑහ.
මුලදී මධ්‍යම බලවතුන් සමග සිටි ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත්‍ර පාර්ශවයන්ට එක් වී ඔස්ට්‍රියාව සහ හන්ගේරියාවට විරුද්ධව යුධ ප්‍රකාශ කෙරුහ .
මිත්‍ර පිලේ ප්‍රහාරත් සමග කල්යත්ම ජර්මනියේ යුධ බලය හිනා වී ගිය අතර රට තුල ආහාර අර්බුධයක් ද හටගැනිණි.මී හීතුන් නිසා රටේ ජනයාද නොසන්සුන්තාවයකට පත් වූ අතර රට පුරා කලබලකාරී තත්වයන් ඇතිවිය .ජර්මනියේ නාවුක හමුදාව ජර්මන් අධිරාජයාව නෙරපා හැරීමට කැරලි ගැසූ අතර මේ  නිසා ජර්මන් අධිරාජ්‍යා සිහසුන අත්හැරු අතර එය ජර්මනියේ පරාජය වේගවත් කළේය . 
1918 නොවැම්බර් 11 දින ලෝක මහා සංග්‍රාමය අවසන් වුයේ මිත්‍ර   පාර්ශිකයන්ට ජයත්,මධ්‍යම බලවතුන්ට පරාජයත් අත්විමෙනි .

       "මුලින් ම ආයුධ නිපදවූයේ යුද්ධය සදහා වන නමුත් දැන් ආයුධ සදහා යුද්ධය නිර්මාණය වෙමින් පවතී" 
- අරුන්දතී රෝයි -
                                   

    


                                                       .

Comments

Popular posts from this blog

ඉතිහාසය යනු

ඉතිහාසයේ .... හිස්ට්රි යන්න ග්‍රීක බසකින් බිදී ආ  වචනයකි .විවිධ කාලවකවානු මිනිසාගේ ආගමික,ආර්ථික ,සමාජීය ,දේශපාලනික  හා සංස්කෘතික තොරතුරු විස්තර  කිරීම මේ විෂය මගින් සිදු කෙරේ . ඉතිහාසය සදහා ලබා දී ඇති නිර්වචන  "ඉතිහාසය යනු මිනිසාගේ අතීතය පිළිබද අධ්‍යනය යි ."                                                                                        -ක්‍රිස් හර්ට්ස්  " ඉතිහාසය යනු ජාතින්ගේ නැගීම හා වැටිම මෙන් ම මානව වර්ගයාගේ දේශපාලන තත්වය කෙරෙහි බලපෑ අනෙකුත් ශ්‍රේෂඨ  පරිවර්තන ද ඇතුලත් වු මානව වර්ගයා අතර සිදුවු  සිදුවිම් වල කතාන්දරයයි  ".                                                                                         - ජොන් ජේ "ඉතිහාසය යනු මිනිසා පිලිබද අධ්‍යනයකි ."                                                                                          - ආර්.පී කොලින්වුඩ්   "වර්තමානය ඉගෙනීමට ඇති යතුරක් "                                                                             -ඊ.එච්. කාර්  " ඉත

Software crisis in 1960s What is software Crisis?

Software Crisis occurred in the late 1960s  because of Software systems were more complex The rapid development of hardware  The massive increase in the software demand Increased the cost of developing the software http://www.chris-kimble.com/Courses/World_Med_MBA/Software_Crisis.html Because of the rapid development in hardware, based on Integrated circuits, software technology was far more behind from the new hardware technology. Because of the complexity of new software development projects like airport control systems, defense systems, railway systems were not completed before deadlines therefore, big companies and governments that invested in those projects lost more than a million dollars. Because of software crisis Waste of lots of time and money that were invested into software development projects S ome programs were unable to fulfill user’s requirements Increase of software system errors The software was very inefficient https://histinf.blogs.upv.es/2010/12/28/ingenieria-del